Home අද මෙහෙම කළේ නැතිනම් රටක ආණ්ඩු කරවන්න ලැබෙන්නේ නෑ – බන්දුල

මෙහෙම කළේ නැතිනම් රටක ආණ්ඩු කරවන්න ලැබෙන්නේ නෑ – බන්දුල

796
0

දුම්රිය වර්ජනයේ නිරත වූ ස්ථානාධිපතිවරු ඊයේ (10දා) දහවල් 12ට පෙර සේවයට වාර්තා කර නොමැති නම් එම ස්ථානාධිපතිවරු සියලුදෙනා සේවය හැරගියා සේ සලකන බවප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඔවුන් සියලුදෙනාටරාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කිරීම යන චෝදනාව මත මෙම පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“දුම්රිය එංජින් රියදුරෝ හැමදාම වර්ජනය කරනවා අවුරුදු 10න් 10ට උසස්වීම් දෙන්න කියලා. ඒක වෙනස් කරන්න රාජ්‍ය සේවා කොමිසමේ අවසරය ගන්න ඕනි. කැබිනට් අනුමැතිය දුන්නට එහෙම කරන්න බෑ. එහෙම කරලා බොහොම අමාරුවෙන් රාජ්‍ය සේවා කොමිසමට කියලා එංජින් රියදුරන් එංජින් එක රේල් පීලි උඩ නතර කරලා ගියාම ලක්ෂ ගණන් මිනිස්සු අතරමං වන නිසා මම බොහොම අමාරුවෙන් අවුරුදු 05න් 05ට උසස්වීම් දෙන්න සම්බන්ධ කර ගත්තා.

ඊට පස්සේ දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇවිල්ලා කිව්වා මේක හරියන්නේ නෑ, එංජින් රියදුරන්ට වගේ අවුරුදු 05න් 05ට උසස්වීම් අපිටත් ඕනි කියලා. මම කිව්වා එක පෑන් පහරින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. මම ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් දැම්මා මේ අයටත් අවුරුදු 05න් 05ට උසස්වීම් දෙන්න කියලා. අපි ඒ අවස්ථාවේම ලිව්වා රාජ්‍ය සේවා කොමිසමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අවුරුදු 05න් 05ට උසස්වීම් දෙන්න කියලා. ඊයේ අපේ අමාත්‍යාංශයේ ලේකම්වරයා සමගසාකච්ඡාව තිබුණා.

සාකච්ඡාවට 20ක් විතර ආවා. ලේකම්වරයා අහලා තියෙනවා ඇමතිවරයා ඉන්නවා පාර්ලිමේන්තුවේ මේක අත්සන් කරලා දැන්මම කැබිනට් පේපර් එක දාන්නද කොමිසමේ ලිපිය එනකන් කියලා. ඊට පස්සේ ඒ අය කියලා කැබිනට් එකට දාලා රාජ්‍ය සේවා කොමිසමට යනවට වඩා කොමිසමේ නිර්දේශය අනුව ලබන සතියේ කැබිනට් එකට දාන්න කියලා. එහෙම කියලා ගිහින් 07 වෙනකොට දුම්රිය වර්ජනය කළා.

මම මේ අන්තවාදීන්ගේ සහ ප්‍රචණ්ඩකරුවන්ගේ මේ කුමන්ත්‍රණය පිළිබඳ දැනගෙන මම ජනාධිපතිතුමාට ලිපියක් ලිව්වා විෂය භාර ඇමතිවරයා වශයෙන් දුම්රිය සහ බස්රථ මෙන්ම අනෙකුත් ප්‍රවාහන සේවා සියල්ල ජනජීවිතය කඩාකප්පල් වන නිසා අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කරන්න කියලා. ජනාධිපතිතුමා ජනතාවගේ එදිනෙදා ජීවිතය කඩාකප්පල් නොවීම සඳහා දුම්රිය, බස්රථ, ප්‍රවාහන සියල්ල අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කළා. දැන් ගැසට් කරලා සති දෙකක් විතර වෙනවා.

මම මේ වෘත්තීය සමිති නායකයාට ඊයේ උදෙත් කිව්වා විධායක ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාව අනුව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා තියෙන එකේ මොනම හේතුවක් නිසාවත් කියලා වර්ජනය කරන්න එපා කියලා.

සියලුම සීසන් ටිකට් ගත්ත අය ඇතුළුව අනෙකුත් අය අතරමං වෙන විදියට ඊයේ රාත්‍රියේ ඉදලා ස්ටේශන් ලොක් කළා, ඉබි යතුරු දැම්මා. මම ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමාට කියලා සියලුම ජනතාවගේ වත්කම තිබෙන දුම්රිය ස්ථානවලට හමුදාව යෙදෙව්වා.

යොදවලා කිව්වා රටේ මූලික නීතිය උල්ලංඝනය කරලා තියෙන නිසා අද 12ට පෙර ඇවිල්ලා සේවයට වාර්තා නොකළොත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කළා සේවය අත්හැර ගියා සේ සලකනවා කියලා. වාර්තා කරලා නැත්නම් දුම්රිය ස්ථානාධිපතිවරු සියලුදෙනා රාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කිරීම, ඒ කියන්නේ රජයේ මූලික නීතියට ගරු නොකිරීම, විධායක ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය තුට්ටුවකට දැමීම, රටේ නීතියේ ආධිපත්‍ය පිළිනොගැනීම,

රටේ විනය නීති රීතිවලට ගරු නොකිරීම නිසා ඔවුන්ගේ දරු පවුල්වලට අත්වන ඉරණම කුමක් වුවත් ඔවුන් සේවයට වාර්තා කරලා නැත්නම් සේවය හැරගියා සේ සලකනවා. මෙහෙම නැතිනම් රටක් ආණ්ඩු කරවන්න ලැබෙන්නේ නෑ.”

Previous articleනාලක ගොඩහේවා, චන්න ජයසුමන ඇතුලු පිරිසගේ සහාය සජිත්ට
Next articleවෙඩි ප්‍රහාරයෙන් මියගිය හිටපු චීවරධාරියාගේ ගිණුමක ලක්ෂ 600ක් – ප්‍රහාරය අනුර කුමාරටත් ජීවිත අවධානමක් ඇති කරලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here