Home අද නිදහස් පක්ෂයට‌ තවත් අධිකරණ නියෝගයක්

නිදහස් පක්ෂයට‌ තවත් අධිකරණ නියෝගයක්

1308
0

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් හා ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගනු ලැබූ තීරණය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සමක නියෝගය ප්‍රකාශයට පත් කරමින් දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.

මේවනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව කිහිපයක් වෙන වෙනම අධිකරණයට ගොස් විවිධ කරුණු සම්බන්ධයෙන් අධිකරණයෙන් වාරණ නියෝග ගෙන ඇති අතර ප්‍රධාන වශයෙන් පාර්ශව තුනකට මේවනවිට නිදහස් පක්ෂය බෙදී ඇත.

Previous articleලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි
Next articleපොහොට්ටුවට තාම අපේක්ෂකයෙක් නෑ – නායකයින් බිහිවන්නේ ජනතා අතරින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here