Site icon Newshub

නිදහස් පක්ෂයට‌ තවත් අධිකරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් හා ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගනු ලැබූ තීරණය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සමක නියෝගය ප්‍රකාශයට පත් කරමින් දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.

මේවනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව කිහිපයක් වෙන වෙනම අධිකරණයට ගොස් විවිධ කරුණු සම්බන්ධයෙන් අධිකරණයෙන් වාරණ නියෝග ගෙන ඇති අතර ප්‍රධාන වශයෙන් පාර්ශව තුනකට මේවනවිට නිදහස් පක්ෂය බෙදී ඇත.

Exit mobile version