ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා අද (20) උදෑසන දිවයිනට පැමිණියේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ ඇතැයි වාර්තා වේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සංචාරයක් වනු ඇති බව දේශපාලන විචාරකයින්ගේ මතයයි
දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර ඉන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට එක් විය
එහිදී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට සංචාරයේ නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එක්ව, ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කළ අතර, කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකක ඉදිකරන ලද නිවාස 24 බැගින් භාරදීම ද මීට සුළු මොහොතකට පෙර සිදුකෙරිණ
ඩොලර් මිලියන 6 ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) නිල වශයෙන් ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එක්ව ඊට අදාළ ඩිජිටල් සමරු ඵලකය මීට සුළු මොහොතකට පෙර නිරාවරණය කළහ. මෙම සම්බන්ධිකරණ මධ්‍යස්ථානයට කොළඹ නාවික හමුදා මූලස්ථානයේ මධ්‍යස්ථානයක්, හම්බන්තොට උප මධ්‍යස්ථානයක් ඇතුළුව ගාල්ල, ආරුගම්බේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්ලරාව, පේදුරුතුඩුව සහ මොල්ලිකුලම් යන ප්‍රදේශ ආශ්රිත මිනිසුන් රහිත සවිකිරීම් ද ඇතුළත් වේ