Home අද පොහොට්ටුව ගැන ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා – මහින්ද

පොහොට්ටුව ගැන ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා – මහින්ද

1117
0

ව්‍යවස්ථානුකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කළොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

බදුල්ලේ සිය පාක්ෂිකයකුගේ අවමංගල උත්සව අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එසේ කීය .මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය .

“දැන් රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා පොහොට්ටුව ගැන.ලන්සලා කඩාගෙන ගියාට අපිට කිසිම අඩුවක් වෙලා නැහැ .අපි දැන් එදාට වඩා අද ශක්තිමත් ..ව්‍යවස්ථානුකූලව මැතිවරණය කල් දාන්න බැහැ .මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂය එතරම් මෝඩකමක් කරයි කියලා .

එහෙම වැඩක් එක්සත් ජාතික පක්ෂය කළොත් ඒ එම පක්ෂයේ අවසානයයි .අපේ ජනපති අපේක්ෂකයා ගැන දැන්ම මොනවත් කියන්නෙ නැහැ .නිසි වෙලාවට, නිසි කලට එය අපි කියන්නම්.ජනතාව දැන් බලාගෙන ඉන්නෙ පොහොට්ටුව දිනවන්නට.නැතිව වෙන මොන පක්ෂ ගැනවත් නොවේ.”

Previous article2025 අයවැයෙන් වැටුප් විෂමතා ගැටලු විසඳන්න කමිටුවක්
Next articleජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය, පැරදුම නොව රටේ ජය, පැරදුමයි – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here