Home අද 2025 අයවැයෙන් වැටුප් විෂමතා ගැටලු විසඳන්න කමිටුවක්

2025 අයවැයෙන් වැටුප් විෂමතා ගැටලු විසඳන්න කමිටුවක්

585
0

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ උදය සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඩී.ජේ. නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ, වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා, දුමින්ද හුලංගමුව, චන්දි එච්. ධර්මරත්න, ඉසුරු තිලකවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.

ජනාධිපති අතිරේක ලේකම් ජී.එල්. වර්නන් පෙරේරා මහතා කමිටුවේ ලේකම් ලෙස පත් කර තිබෙනවා.

රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතා පිළිබඳ නිසි සැලකිල්ලක් යොමු කර 2025 අයවැයෙන් පියවර ගැනීමට හැකි වන පරිදි රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි වැටුප් හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර ඒ සඳහා කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂඥ කමිටුවට පවරා තිබේ.

එම කාර්යභාරය ඉටු කිරීම සඳහා අවශ්‍යයැයි විශේෂඥ කමිටුව තීරණය කරන රජයේ නිලධාරින්ගේ සහාය ලබා ගැනීමටත්, අවශ්‍ය තොරතුරු පරිශීලනය කිරීමටත්, මෙම කමිටුවට හැකියාව ඇත.

මේ සම්බන්ධයෙන් වන සිය නිර්දේශ ඇතුළත් වාර්තාව මාස 03ක් ඇතුළත ජනාධිපතිවරයාට භාරදීමටද උපදෙස් දී ඇත.

Previous articleකවුරු බලයට පැමිණියත් IMF ගිවිසුම අනුව කටයුතු කිරීමට සිදුවෙනවා
Next articleපොහොට්ටුව ගැන ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා – මහින්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here