Home අද ලකුණු දාගන්න ‌බොරු චන්ඩි පාට් එපා – ආරක්ෂ රාජ්‍ය ඇමතිගෙන් විපක්ෂයට පණිවිඩයක්

ලකුණු දාගන්න ‌බොරු චන්ඩි පාට් එපා – ආරක්ෂ රාජ්‍ය ඇමතිගෙන් විපක්ෂයට පණිවිඩයක්

1057
0

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවු ගංවතුර තත්වය නිසා ආපදාවට පත්වුවන්ට සහන ලබාදීමට රජය දැනටමත් ප්‍රතිපත්ති තීරණ ගෙන ඇති බවත් දැනටමත් ඒ වෙනුවෙන් කටයුතු ක්‍රියාත්මක කරමින් පවතින බවත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළේය.

විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා මේ සම්බන්ධයෙන් විමසීමේදී අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළ අතර මෙසේද පැවසීය.

“ ලකුණු දාගන්න‌ බොරු චන්චිපාට් දාන්න එපා. එන්ඩි පාට් දාලා ඉල්ලුවොත් ලැබෙන්නෙ නැහැ. මම දැක්කා රූපවාහිනයෙන් මේ අය කියනවා මේ සහන ලැබුණේ එයලා ඉල්ලු නිසා කියලා. මොන විහිලුවක්ද මේ. මට හිනා ගියා. අසරණවුන ජනතාවට සහන සපයන්න රජය ප්‍රතිපත්ති තීරණයක් අරගෙන තියෙන්නේ. ඒවා මේ කවුරුත් චන්ඩි පාට් දාන නිසා නෙවෙයි කරලා තියෙන්නේ” යනුවෙන් පැවසීය.

Previous articleමෛත්‍රී දුන්න සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි
Next articleවිදුලිබල පනත පිළිබඳ විවාදය ඇරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here