Home අද උමා ඔය ව්‍යාපෘතිය ප්‍රමාද කරවීම නිසා රටට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන...

උමා ඔය ව්‍යාපෘතිය ප්‍රමාද කරවීම නිසා රටට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 63

1830
0

උමා ඔය ව්‍යාපෘතිය ප්‍රමාද කරවීම නිසා රටට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 63 ක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(05දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය,

මෙහිදී අදහස් දැක්වු මධුර විතානගේ මහතා ,

“උමා ඔය නැවැත්වීම තුළ වසර හතකදී කෘෂිකර්මයට රටට උන හානිය සිදුවුන හානිය ගණනය කරලා කියන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද මේ ව්‍යාපෘතිය වසර හතක් ප්‍රමාදවීම තුළ ඩීසල් බලාගාර ඉන්ධන බලාගාර ආරම්භකරපු අයට අධික ලාබ ගන්න පුළුවන් උනා. ජනතා විමුක්ති පෙරමුණ තමයි ඒ සඳහා පාර කපලා දුන්නේ.’

මේ සඳහා පිළිතුරු ලබාදුන් විදුලිබල අමාත්‍යවරයා ,

“උමාඔය ව්‍යාපෘතිය අවසන් කරන්න නියමිත වෙලා තිබුණේ 2017 වසරේදී.  දේශපාලන වශයෙන් සංවිධානාත්මක උද්ගෝෂණ නොතිබුණානම් 2018 දීවත් අවසන් කරගන්න තිබුණා.  මේ නිසා විදුලිබල මන්ඩලයට අවුරුද්දක පාඩුව රුපියල් බිලියන 09 ක් . සාමාන්‍යයෙන් ගත්තොත් බිලියන 63 ට වඩා මේවනවිට පාඩුවී තිබෙනවා. සමන්ත විද්‍යාරත්න ඇතුළු ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන ක්‍රියාකාරීන් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විශාල බියක් මැව්වා. මොකද මේක දේශපාලන ව්‍යාපාරයක් ලෙස භාවිතා කළා.  යැයි සඳහන් කළේය.

 

 

 

 

Previous articleඉන්දීය අගමැති ජනපති රනිල්ට තුති පුදයි
Next articleඉන්දීය අගමැතිගේ දිවුරුම්දීමේ උත්සවයට ජනපති රනිල්ටත් ආරාධනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here