Home අද ශ්‍රී ලංකාවට දකුණු කොරියාවෙන් රැකියා දොරටු රැසක්

ශ්‍රී ලංකාවට දකුණු කොරියාවෙන් රැකියා දොරටු රැසක්

2040
0

දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Han Duck Soo මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (04) දකුණු කොරියාවේ සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුනා.

එහිදී කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව ප්‍සඳහන් කර තිබෙනවා.

කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බලකායට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳව ද කොරියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

පසුගිය වකවානුවේ පැවති මූල්‍ය අර්බුදය හමුවේ නැවත නැගී සිටින ශ්‍රී ලංකාවට, තම රට පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යෑම සඳහා සෑමවිටම පෙනී සිටින බව කොරියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

Previous articleවී අලෙවි මණ්ඩලය වී කිලෝ ලක්ෂ 40ක් මිල දී ගනියි
Next articleකොළඹ කොටස් වෙළෙඳ පොළේ කැපීපෙනෙන වර්ධනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here