Home අද කොළඹ කොටස් වෙළෙඳ පොළේ කැපීපෙනෙන වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳ පොළේ කැපීපෙනෙන වර්ධනයක්

3389
0

කොළඹ කොටස් වෙළෙඳ පොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් දෛනික පිරිවැටුම රුපියල් කෝටි 300ක් (බිලියන 3) ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ඊයේ (04) දිනයේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 3.16ක් ලෙස වාර්තා වී තිබෙන අතර බැංකු සමාගම් වෙත ආයෝජක උනන්දුව ද ඉහළ ගොස් තිබෙන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 73.59කින් ඉහළ ගොස් ඒකක 11,698.49ක් ලෙස වාර්තා වී තිබෙන අතර එය පෙර දිනයට සාපේක්ෂව සියයට 0.63ක වර්ධනයකි. ඊට අමතරව S&P SL20 දර්ශක අගය ඒකක 44.04 කින් ඉහළ ගොස් ඒකක 3,437.32ක් ලෙසත් සටහන් වී තිබෙන අතර එහි වර්ධනය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.30කි.

සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ NDB යන බැංකු සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.

සාමාන්‍ය දෛනික ගනුදෙනු හරහා සම්පත් බැංකුව (රුපියල් මිලියන 285), හැටන් නැෂනල් බැංකුව (රුපියල් මිලියන 247), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රුපියල් මිලියන 166) සහ DFCC බැංකුව (රුපියල් මිලියන 103) දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දී ඇත.

සමාගම් 4ක් ගිවිසගනු ලැබූ ගනුදෙනු වාර්තා වී තිබෙන අතර එහි දී මෙල්ස්ටාකෝප් රුපියල් මිලියන 315ක්, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 169.47ක්, සම්පත් බැංකුව රුපියල් මිලියන 118ක් සහ CIC රුපියල් මිලියන 34.29ක් ලෙසින් දෛනික පිරිවැටුමට දායක වී තිබේ.

Previous articleශ්‍රී ලංකාවට දකුණු කොරියාවෙන් රැකියා දොරටු රැසක්
Next articleරටේ ආර්ථිකය පවතින්නේ ඒදණ්ඩක් මතයි – රත්නපුර මැණික් කුලුන විවෘත කරමින් ජනපති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here