Home අද වාහන ආනයනය ගැන ගත් අලුත්ම තීරණය

වාහන ආනයනය ගැන ගත් අලුත්ම තීරණය

1179
0

සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීම පිණිස ආසන 6 – 15 වෑන් රථ 750ක් (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීම ට අනුමැතිය ලැබී තිබෙනවා.

එම වාහන ආනයනය සඳහා කිසිඳු විශේෂ බදු සහනයක් හිමි නොවන බවද සඳහන් වේ.

Previous articleපාසල් සිසුවියන්ට අප්‍රේල් මාසයේ සිට නොමිලේ සනීපාරක්ෂක තුවා
Next articleපාස්කු ප්‍රහාරය ගැන අධිකරණයට ප්‍රකාශයක් දෙන්න මෛත්‍රී බෑ කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here