Home අද පාස්කු ප්‍රහාරය ගැන අධිකරණයට ප්‍රකාශයක් දෙන්න මෛත්‍රී බෑ කියයි

පාස්කු ප්‍රහාරය ගැන අධිකරණයට ප්‍රකාශයක් දෙන්න මෛත්‍රී බෑ කියයි

2229
0

පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන දැනුම් දී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව දැනුම්දී ඇත.

නීතීඥ සන්දීප්ත සූරියආරච්චි මහතාගේ මෝසමකට අනුව මෙම නඩුව කැදවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මගින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරසේන මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට මේ පිළිබඳ දැනුම් දී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති බව පෙන්වාදෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම කරුණු දැක්වීම සිදුකර තිබේ.

Previous articleවාහන ආනයනය ගැන ගත් අලුත්ම තීරණය
Next articleවිදේශ රැකියා අවස්ථා සහ වැඩි සැලකිලි රැගෙන වවුනියාවට ගිය ‘ජයගමු ශ්‍රී ලංකා’ මේ සතියේ ගම්පහට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here