Home අද තමුසේ තමයි අපිව කන්නේ – බැසිල්ගෙන් උදයංගට බලු බැනුම්

තමුසේ තමයි අපිව කන්නේ – බැසිල්ගෙන් උදයංගට බලු බැනුම්

22338
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද දහවල් බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් සහ එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වා තිබෙනවා.

එහිදී එම රැස්වීමට සහභාගී වූ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග සහ බැසිල් රාජපක්ෂ අතර තරමක් උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ වනවිට ගෙනයනු දේශපාලන වැඩසටහන් සියල්ලම විනාශ කරමින් සිතෙන සිතෙන දේ ප්‍රකාශ කිරීමෙන් උදයංග වීරතුංග කටයුතු කරන බවත් රාජපක්ෂ පවුලේ හඬ බවට තමන් විසින්ම උත්සාහ කරන බවටත් මෙහිදී බැසිල් රාජපක්ෂ ඔහුට චෝදනා කර තිබෙනවා.

“තමුසේ තමයි අපිව කන්නේ. එක එක Youtube වලටයි අරකටයි මේකටයි ගිහිල්ලා හිටපු ජනාධිපතිටයි අපේම අයටයි බනිනවා” යනුවෙන් මෙහිදී බැසිල් රාජපක්ෂ උදයංග වීරතුංගට පවසා තිබෙනවා.

එමෙන්ම වත්මන් ජනාධිපතිරයාට සහ ඇතැම් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව අදහස් දැක්වීම පිළිබඳවද මෙහිදී උදයංග විරතුංගට චෝදනා කර ඇති අතර පක්ෂය වෙනුවෙන් කතා කිරීමට හෝ පක්ෂය වෙනුවෙන් මත පල කිරීමට උදයංග වීරතුංග කවුද යනුවෙන් මෙහිදී පක්ෂයේ සියලු දෙන ඉදිරියේ විමසා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය පිළිබඳවද කතානායකවරයාට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සහ තවත් දේශපාලන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

Previous articleඩොලරය තවත් අඩුවෙයි
Next articleලංගමෙන් මිලියන 1098ක ලාභයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here