Home අද ලංකාවේ දරුවන්ට AI උගන්වන්න මයික්‍රොසොෆ්ට් සමඟ ගිවිසුමක්

ලංකාවේ දරුවන්ට AI උගන්වන්න මයික්‍රොසොෆ්ට් සමඟ ගිවිසුමක්

749
0

අටවන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව ලබා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රොසොෆ්ට් සමාගම අතර ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අදාළ ගිවිසුම අත්සන් තැබූ බව ජනාධිපති මාධය අංශය සඳහන් කරනවා.

දිස්ත්‍රික් 20ක් අතරින් තෝරාගත් පාසල් 20ක අට ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය සුහුරු පංති කාමර සහ තාක්ෂණික උපකරණ ලබාදීමට කටයුතු කරන අතර අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට මයික්‍රොසොෆ්ට් ආයතනය සහය ලබාදීමට නියමිතය.

මෙම ගිවිසුමට අත්සන් තැබීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මයික්‍රෝසොෆට් සමාගමේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

Previous articleයල කන්නයටත් පොහොර සහනාධාරය දෙයි
Next articleබස්නාහිරට දකුණට විශේෂ පොලිස් කණ්ඩායම් 20ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here