Home අද උද්දික පුතා ඉල්ලා අස්වේ.!

උද්දික පුතා ඉල්ලා අස්වේ.!

1613
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානයකවරයාට භාරදී තිබෙනවා.

රංගන ශිල්පියෙක් වූ උද්ධික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරයකු වූ අතර පසුව ඔහු ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනු ලැබුවා.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම සඳහා දැඩි කැපවීමෙන් දිවි හිමියෙන් යුතුව කටයුතු කළ උද්දික ප්‍රේමරත්න මහතා ජනතා විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලායාමෙන් අනතුරුව මෙලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු බවට පත්විය.

රට වෙනුවෙන් යුතුකම ඉටුකිරීමට යැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වූ උද්දික ප්‍රේමරත්න මහතා  ඉල්ලා අස්වනුයේ රට අත්හැර වෙනත් රටක පදිංචියට යාමට බව තහවුරු නොකළ පුවත් වාර්තා කරනවා.

උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තහවුරු කරනවා.

 

No description available.

Previous articleලංකාවට එක් දිනකදී විදේශ සංචාරයන් 10,000ක්
Next article‘උරු­මය’ ඉල්ලන්න 0114 354 600 අංක­යට කතා කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here