Home අද ‘උරු­මය’ ඉල්ලන්න 0114 354 600 අංක­යට කතා කරන්න

‘උරු­මය’ ඉල්ලන්න 0114 354 600 අංක­යට කතා කරන්න

1286
0

භූමියේ සින්න­ක්කර අයි­තිය භුක්ති විඳීමේ අව­ස්ථාව ලබා දෙන ‘උරු­මය‘ ජාතික වැඩ­ස­ට­හ­නට ඉල්ලුම් කිරීම සඳහා ක්ෂණික ඇම­තුම් අංක­යක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව දින­පතා පෙ.ව 8.30 සිට රාත්‍රී 8.30 දක්වා 1908 ක්ෂණික ඇම­තුම් අංකය සහ දුර­ක­ථන අංක 0114 354600/ 0114 354601 ඔස්සේ ජනා­ධි­පති කාර්යා­ලයේ, උරු­මය ජාතික මෙහෙ­යුම් කාර්යා­ලය සමඟ සම්බන්ධ වීමෙන් ජන­තා­වට සිය ඉල්ලීම යොමු කර­මින් ලියා­ප­දිංචි වීම සඳහා අව­ස්ථාව සලසා ඇත.

www.tinyurl.com/urumaya (ඩිජි­ටල් ඉල්ලුම් පත්‍රය) පෝර­මය පිර­වීම මඟින් ද අදාළ අව­ශ්‍ය­තාව ඉටු කිරී­මට පහ­සු­කම් සපයා තිබේ. 1935 අංක 19 දරන ඉඩම් සංව­ර්ධන ආඥා පනත මඟින් ගොවි ජන­තාව හා අඩු ආදා­ය­ම්ලා­භීන් වෙත කොන්දේසි සහිත අව­සර පත්‍ර/ දීමනා පත්‍ර සහිත රජයේ ඉඩම් කොන්දේසි විර­හිත සින්න­ක්කර අයි­ති­යට පත් කර­මින් ජන­තාව වෙත ලබා දීම, ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් 2024 අය-වැය යෝජනා මගින් ඉදි­රි­පත් කළ සුවි­ශේෂී යෝජ­නා­වකි.

මෙම උරු­මය සින්න­ක්කර ඔප්පු ලබා ගැනීම තුළින් ඉඩම සඳහා නව වටි­නා­ක­මක් හිමි වන අතර, එතු­ළින් ඔවුන්ගේ උරු­මය ආරක්ෂා කර ගනි­මින් තම පවුලේ ආර්ථි­කය ශක්ති­මත් කර ගැනී­මට අව­ස්ථාව උදා වෙයි.

Previous articleඋද්දික පුතා ඉල්ලා අස්වේ.!
Next articleඇමති මනූෂගෙන් කුවේට් අයෝජකයින්ට විශේෂ ආරාධනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here