Home අද ගෘහ සේවිකාවන් රට යැවීම සම්පූර්ණයෙන් නැවතීමට පියවර

ගෘහ සේවිකාවන් රට යැවීම සම්පූර්ණයෙන් නැවතීමට පියවර

2661
0

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට ඊයේ (20) දැනුම් දුන්නේය.

ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයන් පිටත් කර යැවීම නතර කර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සඳහා පමණක් ශ්‍රමිකයන් යැවීමේ වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව වසර දහයක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් මෙම යෝජනාවලිය තමන් වෙත ලබාදෙන ලෙස ද බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය සමඟ අද පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

Previous articleබලාපොරොත්තු වුනාට වඩා වැඩි මුදලකින් විදුලිබිල පහත දැමීමට කටයුතු කරනවා – විදුලිබල හා බලශක්ති ඇමති
Next articleවිද්‍යා පීඨ සිසු ආහාර දීමනාව 3000කින් ඉහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here