Home අද විද්‍යා පීඨ සිසු ආහාර දීමනාව 3000කින් ඉහළට

විද්‍යා පීඨ සිසු ආහාර දීමනාව 3000කින් ඉහළට

1282
0

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව රුපියල් 8000ක් දක්වා වැඩි කර එය ලබන මාසයේ සිට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

මීට පෙර එම මුදල පැවතියේ රුපියල් 5000ක් ලෙස බවත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම නිසා එම මුදල රුපියල් 8000ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කීය.

මේ සඳහා වන යෝජනාව ගිය සතියේදී මූල්‍ය කමිටුවට යොමු කළ බවද පෙරේදා (පෙබ. 19) ඊට එම කමිටුවේ අනුමැතිය ලැබුණු බව ද අමාත්‍යවරයා කීය.

ඒ අනුව ලබන මාසයේ සිට එම වැඩි කළ මුදල විද්‍යා පීඨ සිසුන්ට ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කීය

Previous articleගෘහ සේවිකාවන් රට යැවීම සම්පූර්ණයෙන් නැවතීමට පියවර
Next articleශීඝ්‍ර සංවර්ධනයක් සහ සුරක්ෂිත රටක් හදන්න ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා එක්වන්න – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here