Home අද මම දැන් භුක්ති විඳලා ඉවරයි – විධායක ජනපතිධුරය අහෝසි කිරීම අවුලක් නෑ...

මම දැන් භුක්ති විඳලා ඉවරයි – විධායක ජනපතිධුරය අහෝසි කිරීම අවුලක් නෑ – මහින්ද

2210
0

විධායක ජනපතිධුරය තමන් භුක්ති විද අවසන් බවත් එය අහෝසි කිරීමට ජනතාව ඉල්ලන්නේනම් එය හොඳ දෙයක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.

වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

කොහොමද දේශපාලන තත්ත්වේ?

හොඳයි හොඳයි දේශපාලන තත්ත්වය

දැන් මේ විධායක ජනපතිධුරය අහෝසි කරන්න ඕන කියනවා?

අවුලක් නෑ.

ඔබතුමා කැමතිද?

ඔව් ඔව්. මම හිටපු එකනේ. මම දැන් භුක්ති විඳලා ඉවරයි. හැබැයි ඉතින් අහෝසි කළෝත් හොඳයි. අද රටම කියනවානේ ඒක නැති කරන්න කියලා.

මේක මැතිවරණය කල් දාන්න උගුලක් කියලා කියනවා.?

වෙන්නත් ඇති. අපි රනිල් හොඳට අඳුරනනවානේ. සමහර විට.

මැතිවරණ කටයුතු කොහොමද?

මොන මැතිවරණය තිබුණත් අපි දිනනවා. ජනපතිවරණය වුණත් අපේ අපේක්ෂකයා දිනනවා. මහ මැතිවරණයේ අපේ අපේක්ෂකයෝ දිනනවා.

අනුරලාගේ ඉන්දීය ගමන ගැන මොකද කියන්නේ?

හොඳයි. ඉන්දියාවේ අපේ අසල්වැසියානේ. එහෙම යන්න ඕන‍

ජේ.වී.පේ. රැල්ල ගැන මොකද කියන්නේ?

රැල්ල බිඳිලා ඉවරයි

Previous articleදිනේෂ් ගුණවර්ධනව ජනාධිපති කරමු – සජබයෙන් පොහොට්ටුවට යෝජනාවක්
Next articleඅස්වැසුම දෙවැනි අදියර ඇරඹේ – අයදුම්පත් භාර ගැනීම මාර්තු 15 දක්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here