Home අද අස්වැසුම දෙවැනි අදියර ඇරඹේ – අයදුම්පත් භාර ගැනීම මාර්තු 15 දක්වා

අස්වැසුම දෙවැනි අදියර ඇරඹේ – අයදුම්පත් භාර ගැනීම මාර්තු 15 දක්වා

3186
0

අස්වැසුම දෙවැනි අදියර අවසන් වන විට පවුල් ලක්ෂ 24කට ප්‍රතිලාභ හිමි වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (15) කියා සිටියේය.

මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කී ඒ මහතා අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් භාර ගැනීම ඊයේ (15) ආරම්භ වූ අතර, එය අවසන් වන්නේ මාර්තු 15 වැනිදා බවද සඳහන් කළේය.

සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමි වන බව ද හෙතෙම පැවසීය. අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් යොමු කර නැති පවුල්වලට මෙන්ම අයදුම්පත් ඉදිරිපත් කළ නමුත් නිවාස තොරතුරු සංගණනයට ලක් නොවූ ඕනෑම තරාතිරමක පුද්ගලයකුට අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමි වන බවද ඒ මහතා කියා සිටියේය.

සත්‍ය හා නිවැරැදි දත්ත ඇතුළත් අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කළ හැකි බවත් නිශ්චිත කාල රාමුව තුළ අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් දෙවැනි අදියර සඳහා අයදුම් කිරීමේදී අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බවත් ඔහු පැවසුවේය. ජාතික හැඳුනුම්පත් නැති අයදුම්කරුවන්ට කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක කරයි.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම් කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහ ග්‍රාම නිලධාරිවරයා හෝ ප්‍රදේශීය ලේකම් කාර්යාල ඔස්සේ සිදු කළ හැකි අතර www.wbb.gov.lk වෙබ් අඩවිය මඟින් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තම අයදුම්පත සම්පූර්ණ කළ හැකි වේ. මාර්ගගතව අයදුම් කළ නොහැකි පිරිස් සඳහා ආදර්ශ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ සිවිල් සංවිධාන හරහා ලබාගත හැකි අතර මෙම ඉල්ලුම්පත් කිසිසේත්ම මිලදී ගැනීමට අවශ්‍ය නොවේ.

පළමු අදියර සඳහා අයදුම් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් නොලැබූවන්ට මෙන්ම අභියාචනා පරීක්ෂණ සඳහා සහභාගි නොවූවන්ටද තොරතුරු නැවත සනාථ කිරීමට (Recertification) අවස්ථාවක් ඉදිරියේදී ලබා දීමට සැලසුම් කර තිබේ. අස්වැසුම පිළිබඳ වැඩි විස්තර 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබාගත හැකිය.

Previous articleමම දැන් භුක්ති විඳලා ඉවරයි – විධායක ජනපතිධුරය අහෝසි කිරීම අවුලක් නෑ – මහින්ද
Next articleමෙරට නිෂ්පාදන සහ සේවාවල වර්ධනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here