Home අද රට වෙනුවෙන් අභියෝගය භාර ගන්න පුළුවන් නායකයෙකුට ඉන්නේ රනිල් වික්‍රමසිංහ පමණයි

රට වෙනුවෙන් අභියෝගය භාර ගන්න පුළුවන් නායකයෙකුට ඉන්නේ රනිල් වික්‍රමසිංහ පමණයි

1681
0

ඉදිරි ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුට සිය සහය හිමිවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දිය යුතු බව සිය පෞද්ගලික මතය බව අවධාරණය කරන අමාත්‍යවරයා,  මේ මොහොතේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් අවස්ථාවක් ලබා දීම පොහොට්ටුව ඇතුළු රටට ආදරය කරන සියලු පාර්ශ්වයන්ගේ යුතුකමක් බවද අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැම විටම රට ගැන සිතා තීන්දු  ගත් පක්ෂයක් බැවින් නිවැරදි මොහොතේ සිය පක්ෂය එම තීරණය ගනු ඇතැයි තමන්ට විශ්වාස බවද ඇමතිවරයා සඳහන් කරයි.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ බව සඳහන් කළේ අද (14දා) මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

ප්‍රශ්නය – ඔබතුමාලා ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරනවද?

පිළිතුර – තාම නෑ. ජනාධිපතිවරණයක් ඉදිරියේදී තියෙනවා කියනවා. ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරයි.

ප්‍රශ්නය – ජනාධිපතිවරණය තිබුනොත් පොහොට්ටුවේ තීරණය මොකක්ද?

පිළිතුර – ඒක පක්ෂයක් විදියට තීන්දුවක් ගන්නවා. දැනට පක්ෂයක් විදියට කවුරුත් ඉදිරිපත් කරන්න තීන්දුවක් අරගෙන නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තව අවස්ථාවක් දෙන්න ඕනෑ කියන එක මගේ පෞද්ගලික මතය. වැඩක් කරපු මිනිස්සුන්ගේ විශ්වාසය තියෙන අභියෝග භාර ගත් ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් නායකයෙකුට යළි රට භාර දුන්නොත් හොඳයි කියන එක මගේ මතය.

ප්‍රශ්නය – ඔබතුමාගේ පුද්ගලික මතය ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ආවොත් මොකද කරන්නේ?

පිළිතුර- මම මීට කලින් කිව්වා. මම තරම් රනිල් වික්‍රමසිංහ මහතාට බැනපු කෙනෙක් නෑ. මම තරම් විවේචනය කරපු කෙනෙකුත් නෑ. පක්ෂයක් හැටියට අඩියක් පස්සට ගන්නවා රට වෙනුවෙන්. අභියෝගය භාර ගන්න පුළුවන් නායකයෙකුට ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

ප්‍රශ්නය – එතුමට ඔබතුමා සහය දෙනවද?

පිළිතුර – ඔව්.

උපුටාගැනීම “අද”

Previous articleජාත්‍යන්තර විශ්වවිද්‍යාල 03ක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට පියවර
Next articleසහයෝගයෙන් කටයුතු කරන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here