Home අද සහයෝගයෙන් කටයුතු කරන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

සහයෝගයෙන් කටයුතු කරන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

1744
0

ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා.

අනුරාධපුර උතුර ජල සැපයුම් ව්‍යාපෘතියේ පළමු අදියර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරමින් මේ බව සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරේ.

දේශපාලන බෙදීම් රටේ ප්‍රගතිය සඳහා බාධාවක් බව ප්‍රකාශ කරන ජනාධිපතිවරයා, ජාතික සංවර්ධනය සඳහා එකමුතුකමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.

දේශපාලන හිතවත්කම් සඳහා නොව, ජාතියේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඔහු සඳහන් කර තිබේ.

මේ අතර, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ සභාපති ආචාර්ය අකිහිකෝ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ.

ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (14) පස්වරුවේ දී එම හමුව සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම දුෂ්කර ක්‍රියාවලියක් වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම මෙහිදී ආචාර්ය ටනකා අකිහිතෝ මහතාගේ ඇගයීමට ලක්කර ඇති බව සඳහන්ය.

ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක එහෙත් දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබේ.

Previous articleරට වෙනුවෙන් අභියෝගය භාර ගන්න පුළුවන් නායකයෙකුට ඉන්නේ රනිල් වික්‍රමසිංහ පමණයි
Next articleසෑමවිටම කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දෙනවා – මහකනදරාව වැව ආශ්‍රිත ගොවි ජනතාවට ජනපතිගෙන් සහතිකයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here