Home අද පුද්ගලික සිහින වෙනුවෙන් නොව රටේ සිහින වෙනුවෙන් කැපවෙමු – ජනපති

පුද්ගලික සිහින වෙනුවෙන් නොව රටේ සිහින වෙනුවෙන් කැපවෙමු – ජනපති

2004
0

තම තමන්ගේ පෞද්ගලික සිහින වලට වඩා රටේ සිහින වෙනුවෙන් කැපවීමටත් වෙනස තමන්ගෙන්ම ඇරඹීමටත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනු ලැබුවා.

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) මේ බව පැවසීය.

2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් කර ගැනීමට හැකිවූ බව ජනාධිපතිවරයා පවසනවා

නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කරගැනීමට හැකි වූ 6 වැනි අවස්ථාව මෙය බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැහැදිලි කරමිනි.

“අර්බුද ජයගැනීම ආරම්භ කළ යුත්තේ තමන්ගෙන්මයි. අපේ සිතුවිලි නිවරැදි කරගත්තේ නැත්නම් රටට යටපතක් නැහැ. මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් ක්‍රමයක් වෙනස් කරන්න අපිට පුළුවන් කමක් නැහැ.”

“අද ඩොලරයේ අගය රුපියල් 314යි. දැන් පොලී අනුපාතය 12%යි. දැන් අපේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.4ක්.”

“දැන් බෙහෙත්, ගෑස්, ඉන්ධන, විදුලිය, පොහොර අර්බුදයක් නැහැ.”

“අනෙක් රටවල්වලට සාපේක්ෂව අපේ රටට කෙටි කාලයක් තුළ සුවිශේෂී ජයග්‍රහණයක් ළඟා කරගන්න පුළුවන් නිසා. ඒ දුරදිග බලා සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා.”

“අපි කිසිම පියවරක් සඟවා තැබුවේ නැහැ. මම දේශපාලන වාසිය තකා තීන්දු ගත්තේ නැහැ. රට වෙනුවෙන් නිවරැදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා.”

“අපි මේ ගමන ඉදිරියට ගියේ පියවරෙන් පියවර. අසීරුවෙන්, අකමැත්තෙන් අපි ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති නිසා ස්ථාවර ආර්ථිකයක් ඇතිකර ගැනීමේ ගමන් මාර්ගයට අපි අවතීර්ණ වුණා.”

“දැන් අපි බිංගෙය කෙළවර ලෝකය දකිනවා.”

“සමහරුන්ට රැකියා, ව්‍යාපාර, අයිතිය අහිමිවුණා. මේවා වුණේ සාමාන්‍ය පන්තියේ ජනතාවටයි.”

“නිදහසෙන් පසු බලයට ආපු කිසිම ආණ්ඩුවක් ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන්න කටයුතු කළේ නැහැ. මේක ඓතිහාසික තීන්දුවක්.”

“රටේ ජනතාවගෙන් තුනෙන් එකකට නිවාස නැහැ. අපි ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා. අපි ජනතාවට නිවාස අයිතිය ලබාදෙනවා.”

“අඩු ආදායම්ලාභී ජනතාවට සහල් කිලෝ 20ක ප්‍රමාණයක් එළඹෙන උත්සව සමයේදී ලබාදෙනවා.”

“රාජ්‍ය සේවකයින්ට දීමනාවක් ලබාදුන්නා. විශ්‍රාමිකයින්ගේ වැපුට් වැඩි කළා. වැටුප් විශ්‍රමතා ගැටලුවත් නොබෝ කාලයකින් විසදුම් ලබාදෙනවා.”

“ආර්ථිකය ඉදිරියට යද්දී අපි බදු බර අඩු කරනවා. වැට් ප්‍රතිශතයත් සංශෝධනය කරනවා.”

“මේ වසරේ අපේ ආදායම රුපියල් බිලියන 4,127යි. වියදම රුපියල් බිලියන 6,978යි. ණය ආර්ථිකයෙන් මිදුනේ නැත්නම් අපිට අනාගතයක් නැහැ.”

2021 වසරේදී 194,495ක් වූ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2023 වසරේදී 1,487,303ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවූ අතර මේ වසරේ ජනවාරියේදී පමණක් 200,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි බව ජනාධිපතිවරයා පැවසීය. වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව බවද සඳහන් කළේය.

තවද මැතිවරණ වලදී වෙන්ව තරඟ කිරීමටත් රට ගොඩ නැගීමේදී එක්ව එය කිරීමටත් ජනාධිපතිවරයා සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ෂ වලින් සහ ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.

Previous articleකෙහෙළියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි
Next articleඉන්දියාව පතුරු ගහපු ජවිපෙ දැන් ඉන්දියාවේ ගිහින් උදම් අනනවා – නාමල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here