Home අද උරුමය අද දඹුල්ලෙන් ඇරඹේ

උරුමය අද දඹුල්ලෙන් ඇරඹේ

1531
0

මෙවර අයවැය යෝජනාවක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් වන ඉඩම් අයිතිය ජනතාවට ලබාදීමේ  “උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම අද ආරම්භවන බව   ඉඩම් කොමසාරිස් ජනරාල් බන්ධුල ජයසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ජයසිංහ මහතා මෙසේ පැවසීය,

මේ පිළිබඳ සැලසුම් සකස්කරලා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විදිහට අපි මේ වැඩසටහන අදියර තුනකින් කරගෙන යන්න සැලසුම්කරලා තිබෙනවා. සියලු ප්‍රාදේශිය ලේකම්වරු , ඉඩම් නිලධාරීන් , ග්‍රාම නිලධාරීන් සියලුදෙනා එකතුවෙලා මේ වැඩසටහන ක්‍රියාක්මක කරනවා. එහි පළමුවෙනි අධියර ලෙස ඉඩම් අවසරපත්‍ර ඉල්ලලා තිබුණු 10 000 දෙනා තෝරාගෙන ඒ පුද්ගලයින්ට අලුතෙන්ම ඔප්පු ලබාදීම පෙබරවාරි 05 දා දඹුල්ලේදී ලබාදීමට කටයුතු සුදානම්කරමින් පවතිනවා. සින්නකර ඉඩම් ඔප්පු ඉල්ලු වැඩිම පිරිස දැනට සිටින්නේ අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. එම පිරිස පන්දාහකට වැඩියි.

පළමුවැනි අධියර එලෙස ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට මහජනතාවට රජයෙන් ලබාදුන් දීමනාපත්‍ර අවසරපත්‍ර ලක්ෂ 20 ට වැඩි ප්‍රමාණයක් තිබෙනවා.  ඒ සියලුදෙනාට උරුමය ඔප්පු ලබාදීමට රජය කටයුතු කරනවා. සියලුදෙනාට එය ලබාදීමට වසර තුන හතරක් ගතවේවි. එකවරම සියලුදෙනාට ලබාදීමට හැකියාවක් නැහැ.  යනුවෙන් සඳහන් කළේය.

Previous articleඅභිමානවත්ව සැමරූ 76 වන ජාතික නිදහස් දින සැමරුම
Next articleහෙලිකොප්ටරය කැඩුණු දා බුදුරුවගල සිසුන්ට ජනපති දුන් පොරොන්දුව ඉටුකරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here