Home අද අනුර ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

අනුර ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

2464
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිදුව තිබෙනවා.

ඉන්දියාවෙන් කරන ලද ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක මහතා මෙම ඉන්දීය සංචාරයේ නිරත වන බවට වාර්තා වනවා.

රටක රාජ්‍ය නායකයා හැරුනුකොට සාමාන්‍යයෙන් මෙවැනි හමුවලට සහභාගී වීමට ආරාධනා ලැබෙනුයේ එරට විපක්ෂයේ නායකයාට වන හෙයින් මෙම ආරාධනය ලැබීමට සුදුස්සා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වුවත් අනුර කුමාර දිසානායක මහතාට මෙම ආරාධනය ලැබීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ මීළඟ විපක්ෂ නායක ලෙස අනුර කුමාර දිසානායක මහතා බවට ඉන්දියාව තහවුරු කරගෙන ඇති බවයි.

අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවට පැමිණීමට ආරාධනා කිරීමට පෙර පසුගිය වසරේ අවසන් භාගයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී දෙරට අතර මිත්‍රත්වය සහ රාජ්‍ය සබඳතා තහවුරු කරගැනීමට සාකච්ඡා කර තිබුනා.

 

Previous articleහෙලිකොප්ටරය කැඩුණු දා බුදුරුවගල සිසුන්ට ජනපති දුන් පොරොන්දුව ඉටුකරයි
Next articleජනපති සමඟ උරුමය සින්නක්කර ඔප්පු බෙදන්න SJB ගයන්තත් එක්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here