Home අද නිවාඩුවට යන්න සුදුසුම රට ශ්‍රී ලංකාව – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය

නිවාඩුවට යන්න සුදුසුම රට ශ්‍රී ලංකාව – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය

17603
0

ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, මුම්බායි නුවර, ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයකට එක් වෙමින්, ගෝලීය වේදිකාවේ ඉන්දියාවේ භූමිකාව කුමක්දැයි සිසුවකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

”මම දෙන්නම් උපදෙසක්. මීළඟ වතාවේ ඔබ නිවාඩුවක් ගත කරන්න කොහේ හරි යනවා නම්, යන්න ශ්‍රී ලංකාවට. ශ්‍රී ලාංකිකයන් ආගන්තුක සත්කාරකවලට උපන් හපන්නු. නිවාඩුවකට යනවා නම්, ශ්‍රී ලංකාව තරම් ඊට ගැලපෙන තැනක් වෙන නැහැ. ශ්‍රී ලාංකිකයන් ඉන්දිය අප ගැන බොහොම පැහැදීමෙන් කතා කරනවා. ඒ දේවල් ඔබට අසන්න ලැබුණොත්, ඉන්දියානුවකු ලෙස ඔබට ලොකු ආඩම්බරයක් දැනෙනු නිසැකයි” යැයි ආචාර්ය එස්. ජයිශංකර් දේශනය අතරතුරේ පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ සමීපතම අසල්වැසියා බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරේ සැමවිටම ශක්තිමත් මිත්‍රත්වයක් පැවැතිය යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඊට අමතරව, ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිද්දී, ඉන්දියාව ශ්‍රී ලංකාවට ශක්තියක් වූ ආකාරය සහ ලෝකය පිටුපාද්දී ඉන්දියාව ඉදිරිපත් වී ශ්‍රී ලංකාවට ණය දුන් ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් කළේය.

Previous articleදැනුවත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකියි – ජනපති
Next articleරණවිරුවෙක් කියලා ගෝඨාවයි ආර්ථික විශේෂඥයෙක් කියලා කබ්රාල්වයි, සජිත් SJB එකට ගනියි – SF

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here