Home අද ජනාධිපතිතුමනි ඔබතුමා තමයි රාජ්‍ය නායකයෙකු වශයෙන් මේ අභයාරාමයට උදව්වක් කළේ

ජනාධිපතිතුමනි ඔබතුමා තමයි රාජ්‍ය නායකයෙකු වශයෙන් මේ අභයාරාමයට උදව්වක් කළේ

3344
0

දේශපාලඥයෙකු ලෙස අභයාරාමයට පළමුවෙන්ම උදව් කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.

උන්වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙනපැවැති දානමය පිංකමකදී අදහස් දක්වමින් ආනන්ද හිමියෝ මේබව පැවසුහ.

මහින්ද රාජපක්ෂ මහතාද එම අවස්ථාවට සහභාගී වි සිටි අතර පසුගිය කාලය පුරාවටම මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු වලට අභයාරාමය විශාල වශයෙන් කටයුතු කරන බව දක්නට තිබුණි.

වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවසුු.

“අද මේ මාධ්‍ය වල අපේ බුද්ධාගමට ගැළපෙන්නේ නැති කරුණු සිද්ධ වෙනවා.

භික්ෂුන්වහන්සේලා අතිනුත් සිද්ධ වෙනවා.

අපේ බණ පොතේ සඳහන් කරන විදිහට බුදුවෙන්නට කල්ප ගණනක් පෙරුම් පුරන්න ඔනේ.

දැන් ඒක ඔනෙත් නැහැ. දැන් හිටපු ගමන් බුදුවෙනවා.

ඒ නිසා අපි අද බලපුවාම අපේ මහා සංඝරත්නය වැඩවල් පෙරලනවා. පෙළපාලි යනවා. සිවුරු කඩාගෙන යනවා. නොයෙක් දේවල් තිබෙනවා.

මේවා මම හිතනවා අපේ මේ ශාසනයට ඉතාම හානිදායී තත්වයක්.

ඒ නිසා මුලින්ම රටේ රජ්ජුරුවෝ වශයෙන් නායකතුමා වශයෙන් මම ඔබතුමාට බොහොම කරුණාවෙන් ඉල්ලනවා  මේ සම්මා සම්බුද්ධ ශාසනය මහා සංඝරත්නය මුල් කරගෙන පෙරදැඉඩි කරගෙන ශාසනශෝදනය කරන්න ඉතාම අවශ්‍යයි කියන එකයි මගේ ඉල්ලීම.

භික්ෂුන්වහන්සේලා කරන හොද වැඩ පෙන්නන්නේ නැහැ කොතැනකවත්.

ඔක්කෝම පෙන්නන්නේ මොකක්හරි එකක ගැනියෙක් එක්ක හිටියා. එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් ඇතිවුනා. ඔවා තමයි පෙන්වන්නේ.

ඊලඟට අපේ ජනාධිපතිතුමනි ඔබතුමා තමයි මට පළමුවෙන්ම දේශපාලඥයෙක් වශයෙන් රාජ්‍ය නායකයෙකු වශයෙන් මේ අභයාරාමයට උදව්වක් කළේ ඔබතුමා විතරයි.

හෙද නිලධාරීන්ට ඔබතුමා තමයි ඩිප්ලෝමාව පළමුවෙන්ම දුන්නේ. පළමුවෙන්ම ඔබතුමා දුන්නේ. විශ්ව විද්‍යාලය මෙතුමා මහන්සි ගත්තා රටේ ප්‍රශ්න නිසා කරගන්න බැරිවුනා.

ඒකත් ඔබතුමා මම දන්නවා එක පෑන් තුඩින් අත්සන් කරලා කැබිනට් එකට දැම්මා.

ඒවා අපි හැමදාම අගය කරනවා. ඒක ඉතාම අවශ්‍යයි.

මම ඔබතුමාට කියන්නේ ඔබතුමාට පුළුවන්. ඔබතුමා ගන්න පියවර ක්‍රියාත්මක කරනවා.

හැබැයි බය වෙන්න එපා. අපි ඉන්නවා පිටුපසින්.

මොනම දේකටවත් බයවෙන්න එපා.

අපිට පුළුවන් ඔය ඔන තැකක්. බලන්න ජේවිපී කාරයෝ අපේ සංගමයේ සාමාජිකයින් දෙන්නෙක් මැරුවා.

ඒකාලේ.

වැඩකරන්න එපා කියලා නියෝගයක් එව්වා. අපි වැඩකලා බය නැතිව.

වෙඩි තිබ්බා.

ඔන්න ඔය ජේවීපි සංවිධාන කරන දේවල්.

 

 

Previous articleපාර්ලිමේන්තු වාර අවසාන කෙරේ
Next articleසෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here