Home අද පාර්ලිමේන්තු වාර අවසාන කෙරේ

පාර්ලිමේන්තු වාර අවසාන කෙරේ

3419
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් පාර්ලිමේන්තු වාර අවසාන කර ඇති අතර එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තු වාර අවසාන කරන බවය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පෙබරවාරි 7 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ වන බව ජනාධිපතිවරයා සිය ගැසට් නිවේදනය මඟින් දක්වා තිබේ.

No description available.

Previous articleලිට්‍රෝ රුපියල් කෝටි 150ක් රජයට දෙයි
Next articleජනාධිපතිතුමනි ඔබතුමා තමයි රාජ්‍ය නායකයෙකු වශයෙන් මේ අභයාරාමයට උදව්වක් කළේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here