Home අද පාරිභෝගිකයින්ට කවුළු වැසූ විදුලි සේවකයන්ගේ වැඩ තහනම්

පාරිභෝගිකයින්ට කවුළු වැසූ විදුලි සේවකයන්ගේ වැඩ තහනම්

2833
0

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා තිබෙනවා.

විදුලිබල මණ්ඩලය පවසන්නේ, පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවය.

විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණි.

ඒ අනුව සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසුව උපදෙස් ලබාදී තිබුණි.

Previous articleශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේ කෙටි කාලීන උපාය මාර්ග ජනපති කියයි
Next articleඋරුමය වැඩසටහනෙන් හිමි­කම් පත්‍ර ලාභීන්ට පූර්ණ අයි­ති­වා­සි­කම් ඔප්පු – ඉඩම් කොම­සා­රිස් ජන­රාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here