Home අද ජනපති සහ IMF ප්‍රධානී අතර හමුවක්

ජනපති සහ IMF ප්‍රධානී අතර හමුවක්

2378
0

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජොර්ජීවා මහත්මිය අතර හමුවක් සිදු ව තිබෙනවා.

ඇය ඒ සම්බන්ධයෙන් තොරතුරු සිය X ගිණුමෙහි සඳහන් කර තිබුණාය​.

එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල ලැබෙමින් ඇති බවයි.

එසේම​, විස්තීර්ණ ණය අරමුදල ට අදාළ පළමු සමාලෝචනය ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේ එම ප්‍රතිසංස්කරණවල වැදගත්කමට ප්‍රතිචාර වශයෙන් බව ඇය සඳහන් කර තිබේ.

Previous articleEnchanteur වෙතින් Romantic, Charming හා Alluring නමින් නව සබන් වර්ග තුනක් වෙළෙඳපොළට
Next articleරට ස්ථාවරත්වයේ සිට යථා තත්ත්වයට පත්වීම සහ වර්ධනය දක්වා ප්‍රවේශ වීම ඇරඹිලා – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here