ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජොර්ජීවා මහත්මිය අතර හමුවක් සිදු ව තිබෙනවා.
ඇය ඒ සම්බන්ධයෙන් තොරතුරු සිය X ගිණුමෙහි සඳහන් කර තිබුණාය.
Very good meeting with @RW_UNP at #WEF24. IMF Board approval of the First Review of the EFF program in December was a recognition of the important reforms 🇱🇰 has pursued. These reforms are starting to pay off! pic.twitter.com/hA69GYQnvp
— Kristalina Georgieva (@KGeorgieva) January 16, 2024
එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල ලැබෙමින් ඇති බවයි.
එසේම, විස්තීර්ණ ණය අරමුදල ට අදාළ පළමු සමාලෝචනය ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේ එම ප්‍රතිසංස්කරණවල වැදගත්කමට ප්‍රතිචාර වශයෙන් බව ඇය සඳහන් කර තිබේ.