Home අද තායිවානයේ නව ජනාධිපතිවරයා චීනයට වඩා ඇමරිකාවට සමීප වේවිද?

තායිවානයේ නව ජනාධිපතිවරයා චීනයට වඩා ඇමරිකාවට සමීප වේවිද?

3225
0

තායිවාන ජනාධිපතිවරණයේදී  චීන විරෝධී, පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින්, ඉදිරිපත් වූ ලායි චින්ග් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබේ.

ලායි චින්ග් මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනූ අතර ඔහු වාර්තා අතරට එක්වී ඇත්තේ මිලියන 5 සීමාව පසු කළ පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසය.

චීනයට වඩා ඇමෙරිකාව සමග සමීප සබඳතා පැවැත්වීමට කැමැත්තක් දක්වන නායකයෙකු ලෙස ඔහු ප්‍රසිද්ධවී ඇති අතර ලායි චින්ග් තායිවානයේ වත්මන් ජනාධිපති සාන් ඉන් වේන්ටත් වඩා, දැඩි චීන විරෝධී මතදාරියෙකු බව චීනයේ මතය වී තිබේ.

තායිවානය තවමත් චීනයට අයත් කොටසක් ලෙස චීනය සලකනු ලබන අතර  තායිවානය පිහිටා ඇත්තේ චීනයට ඔබ්බෙන් කුඩා දූපතක් ලෙසය.

නව ජනාධිපතිවරයාට ඇමරිකාව සුබ පැතුම් යොමුකර තිබේ.

Previous articleපොහොට්ටුවට අපේක්ෂකයෙක් නැතිවෙයි – MR
Next articleමේක අත්හදා බැලීම් කරන කාලයක් නෙවෙයි – ජනාධිපතිධූරයට ඉහළම සුදුස්සා වත්මන් ජනාධිපතිවරයා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here