Home අද පොහොට්ටුවට අපේක්ෂකයෙක් නැතිවෙයි – MR

පොහොට්ටුවට අපේක්ෂකයෙක් නැතිවෙයි – MR

3152
0

ඉදිරි ජනාධිපතිවරණය සඳහා  ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමටද ඉඩක් ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

උත්සව අවස්ථාවකට එක්වීමෙන් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදියා – “අර පැත්තෙන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වෙනවා කියලා ?” 

පිළිතුර – එයා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නේ. “

මාධ්‍යවේදියා  – “එතකොට ඔබතුමන්ලාගේ ?”

පිළිතුරු – නෑ අපි තාම එහෙම තීරණය කරලා නෑ නේ. සමහරවිට අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.”

යනුවෙන් එහිදී රාජපක්ෂ මහතා පිළිතුරු ලබාදුන්නේය. කෙසේවෙතත් මේවනවිට පුද්ගලයින් කිහිපදෙනෙක්ම තමා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බව පවසමින් ප්‍රවර්ධන කටයුතු වල යෙදී සිටින බවද වාර්තාවේ.

Previous articleශ්‍රී ලංකාවේ ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට
Next articleතායිවානයේ නව ජනාධිපතිවරයා චීනයට වඩා ඇමරිකාවට සමීප වේවිද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here