Home අද ගෝඨට වැරදුනේ අපිට වගකීම් නොදුන් නිසයි – නාලක ගොඩහේවා

ගෝඨට වැරදුනේ අපිට වගකීම් නොදුන් නිසයි – නාලක ගොඩහේවා

2110
0

‌‌‌ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ආර්ථිකය සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට තමාට අවස්ථාව ලබානොදුන් නිසා එම ආණ්ඩු අසාර්ථක වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පැවසීය.

එලෙස ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් සිදුවු වරද නිවැරදි කිරීමට දැන් කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගය සමග එක්වෙමින් මාධ්‍ය හමුවක් පවත්වමින් නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේය,

වැඩිදුරටත් අදහස් දැක්වු ගොඩහේවා මහතා,

“ගෝඨාභය රාජපක්ෂ මහත්මාට ලැබුණු ජනවරමෙන් අපි පොරොන්දුවුන දේවල් කළානම් මේ රට ගොඩගන්න පුළුවන්. නමුත් එතුමාව බලයට ආවට පස්සේ එතුමා ක්‍රියාත්මක වුනේ එතුමාව බලයට ගේන්න උත්සහ කළ වෘත්තිකයෝ එක්ක නෙවෙයි. ආර්ථිකය ගැන අපිට දැක්මක් තිබුණා. නමුත් ආර්ථිකය ගැන කතාකර කර හිටපු අපිව සම්පුර්ණයෙන්ම පැත්තකට දැම්මා. කාටහරි ඇගිල්ලක් දික්කරලා කියන්න පුළුවන් නාලක ගොඩහේවලා වියත්මග තමයි මේක කළේ කියලා. නමුත් ඇත්ත ඒකද.  වියත්මග මොනවද කළේ. වියත්මග කොහෙද හිටියේ. වියත්මගට මොකක්ද ලැබුණු තනතුර. නාලක ගොඩහේවාට ලැබුණෙත් ආර්ථිකය ගැන තනතුරක් නෙවෙයි නාගරික සංවර්ධන අමාත්‍යාංශයයි. අපිට ඇගිල්ල දික්කරලා වැඩක් තියෙනවාද?. කවුද මුදල් ඇමති. කවුද ආර්ථිකය පාලනය කළේ. කවුද මහබැංකු අධිපති. කවුද ජනාධිපති ලේකම් . මේ කිසි තැනත අපි හිටියේ නැහැනේ. ඒ හිටපු අය සියලුදෙනාම ශ්‍රේෂ්ඨාධිකරණයේ වැරදිකරුවන් බව තීරණය කරලා තියෙනවා. අපි සියලුදෙනාටම වැරදුනා. අපි මේ රටේ සමස්ත ජනතාවගෙන්ම සමාව ඉල්ලනවා. දැන් අපි මොකද කරන්න ඔනේ. ඒ වරද නිවැරදි කරන්න ඔනේ.” යැයි පැවසීය.

Previous articleමේක අමාරු ගමනක් – ජනප්‍රිය වැඩක් නෙවෙයි – ජනපති
Next articleපාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීමේ තීරණයක් නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here