Home අද වාහන ආනයන තහනම ලිහිල් වෙයි – කුඩා මෝටර් රථ ආනයනයට නුදුරේදීම ඉඩ

වාහන ආනයන තහනම ලිහිල් වෙයි – කුඩා මෝටර් රථ ආනයනයට නුදුරේදීම ඉඩ

21158
0

රජය විසින් 1000 CC සහ 1300 CC එන්ජින් ධාරිතාවයෙන් යුත් කුඩා මෝටර් රථ ගෙන්වා ගැනීමට මෝටර් රථ වෙළඳුන්ට ඉඩ සලසමින් වාහන ආනයන සීමා කිරීම අර්ධ වශයෙන් ඉවත් කිරීමට නියමිතව තිබෙනවා.

නුදුරේදීම වාහන ආනයනයේදී පුළුල් ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශයන්ට අනුව මෙම තීරණය ගන්නා බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළ බව TIMES ONLINE වාර්තා කරනවා.

2020 මාර්තු මාසයේ සිට ආනයන බදු ආදායමෙන් වසරකට රුපියල් බිලියන 300 – රුපියල් බිලියන 450 අතර ප්‍රමාණයක් රටට අහිමි වන බැවින් පුද්ගලික මෝටර් රථ ඇතුළු වාහන වර්ග කිහිපයක් ආනයනය කිරීමට මෝටර් රථ වෙළෙඳුන්ට ඉඩ සැලසීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද විශේෂ කමිටුවක් මගින් නව වාහන ආනයන ප්‍රතිපත්තිය සකස් කර තිබෙනවා.

නව වාහන ආනයන ප්‍රතිපත්තිය සහ මාර්ගෝපදේශ මගින් ආනයනය කරන ලද අනෙකුත් භාණ්ඩවල ප්‍රතිශතයක් ලෙස විදේශ විනිමය ගලායාම සහ මෝටර් රථ සඳහා වන සාමාන්‍ය ඉල්ලුම සැලකිල්ලට ගනිමින් පුද්ගලික මෝටර් රථ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර වාහන ආනයනය සම්බන්ධයෙන් පනවන නව නීති හෝ රෙගුලාසි පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෝටර් රථ ආනයනය කිරීමට සූදානම් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

Previous articleශ්‍රී ලංකාවේ 2023 තුන්වන කාර්තුවේදී ඩොලර් මිලියන 639ක ජංගම ගිණුම් අතිරික්තයක්
Next articleමාලදිවයිනට වඩා ලංකාවට සංචාරකයින් ඇවිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here