Home අද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සමඟ පෝට් සිටියට රෝහලක්

ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සමඟ පෝට් සිටියට රෝහලක්

2098
0

කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීමට යෝජනාවක් ආසිරි පෝට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එය අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් ලෙස සිදුකිරීමට නියමිතය.

2023 අංක 8 දරණ කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝග යටතේ මෙම ව්‍යාපෘතිය නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇතැයි අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

එම ව්‍යාපෘතිය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් වශයෙන් ගැසට් පත්‍රයේ නියමයක් මඟින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව එකී නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Previous articleඋසස් පෙළට අපදා බාධාවක් වෙන්න දෙන්නේ නෑ
Next articleසේවාවට බාධාවක් නම් වැඩ තහනම් කර විනය ක්‍රියාමාර්ග ගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here