Home අද සිරිලක අසිරිය Nas Dailyගේ විඩියෝව නිකුත් ‌වේ

සිරිලක අසිරිය Nas Dailyගේ විඩියෝව නිකුත් ‌වේ

3080
0

https://youtu.be/UxdfZVVRbC0?si=sMO78eEN1zRU4sM_

ලොව පුරා මිලියන ගානක ජනාදරයට පත් ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසු විඩියෝවක් ප්‍රසිද්ධ කර තිබේ. “The Most Beautiful Train Ride” නමින් එය ප්‍රසිද්ධ කර ඇත.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණි ඔහු   ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා  විඩියෝ 03 ක් නිර්මාණය කිරීමට නියමිත ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

නාස් ඩේලි (Nas Daily)  ඊශ්‍රායල -අරාබි ජාතික ව්ලොග් නිර්මාණකරුවා ලොව පුරා සිටින මිලියන ගණනක රසික ප්‍රජාවගේ ආදරය හිමි චරිතයක් වන අතර  ඔහු විසින් මින් පෙර නිර්මාණය කරන ලද This is Made of Poop,  My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් මීට පෙර අන්තර්ගත කර තිබුණි.

2020 වසරේදී නාස් ඩේලී, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන්  (The Most Generous Country During Covid)  ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයක් නිර්මාණය කරනු ලැබු අතර එය ලොවපුරා බොහෝදෙනෙක් නරඹා තිබුණි.

නවතම විඩියෝව නැරඹීමට

 

Previous article නුවර එළියට දෙමළ බසින් වැඩ කරන විදේශ සේවා නියුක්ති කාර්යාලයක් – ඇමති මනුෂගෙන් පොරොන්දුවක්
Next articleමෙරට අපරාධ යුක්ති ක්‍රියාවලිය අවභාවිත කරන බවට ජෙරම් ප්‍රනාන්දුට චෝදනාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here