Home අද  නුවර එළියට දෙමළ බසින් වැඩ කරන විදේශ සේවා නියුක්ති කාර්යාලයක් – ඇමති...

 නුවර එළියට දෙමළ බසින් වැඩ කරන විදේශ සේවා නියුක්ති කාර්යාලයක් – ඇමති මනුෂගෙන් පොරොන්දුවක්

2298
0

විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් කළ ඉල්ලිමකට එවලේම ප්‍රතිචාර දක්වමින් ලබන වසරේ මුල් දින හත තුලදී නුවරඑළය තුල දමිළ බසින් සේවා සැපයීමට හැකි කාර්යමණ්ඩලයක් සමඟින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ආරම්භ කිරිමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

මෙරට සෑම පුරවැසියෙකුටම තම මව් බසින් කඩිනම් සහ මිත්‍රශීලි සේවාවක් ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැපවී කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද දින ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුමට එක් වූ අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

විදේශ රැකියා සඳහා නුවර එළිය දිස්ත්‍රික්කයෙන් විශාල පිරිසක් විදේශගත වෙනවා. ඒ අයට තමන්ගේ ප්‍රශ්නයක් විසඳ ගන්න කොළඹට හෝ, නුවරට හෝ බදුල්ලට එන්න සිදුවෙනවා. එහෙම දුරක් ගෙවාගෙන ආවත් අපේ භාෂ දැනුම නොමැති නිසා කාර්යාල වල ඉන්න නිලධාරීන්ට මේ පිරිස සමඟ සන්නිවේදනය කරගන්න විදිහක් නැහැ.

අද උදෑසන මම සහභාගී වුන වැඩසටහනදී ඊට පැමිණ සිටි  දරුවන් මේ කාරණය ඉතාම වේදනාවෙන් කිව්වා. ඔවුන් ඇත්තටම වේදිකාව උඩ උද්ඝෝෂණයක් කළා. එහි තිබුන බෝඩ් අතර බෝඩ් එක්ක තිබ්බා නුවර එළියට විදේශ සේවා නියුක්ති කාර්යාශංයේ කාර්යාලයක් ලබා දෙන්න කියලත්.

මම ඒ දරුවන්ට පොරොන්දු වුනා, ලබන වසරේ ජනවාරි මාසයේ දින හතක් යන්න කලින් දෙමළ භාෂාව කතා කරන නිලධාරීන්ගෙන් සමන්විතව  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් නුවර එළියට ලබාදෙනව කියලා.

සමහරු දැන් කියයි. රාජ්‍ය සේවයේ මෙහෙම කරන්න පුළුවන්ද? මේක මනූෂගේ කයියක්ද කියලත්. හැබැයි අපි හැමදාමත් කියපු දේවල් කරලා පෙන්වලා තියෙනවා. ඒ වගේ මේකත් අපි කරනවා. අපිට ඒ දෙවල් කරන්න හැකියාව ලැබුනේ මේ දක්ෂ කාර්ය මණ්ඩලය නිසයි.

අපේ කාර්යමණ්ඩල මේ වගේ ටාගට් එකක් දුන්නාම ඒ අය ඉතාම දක්ෂ විදිහට ඒවා ඉටු කරනවා.

හෙට අනිද්දා වෙනකොට මම මේ අමත්‍යංශය භාරගෙන මාස 19ක් වෙනවා. මේ කාලය අතරතුරදී අපිට විදේශ ශ්‍රමිකයින් හරහා ඇමරිකානු ඩොලර් බිලියන 8.1 ක මුදල් මෙරටට ගෙන්වා ගන්න හැකියාව ලැබුනා.

තෙල් ගහගන්න බැරුව, විදුලිය නැතිව, පාඩම් කරගන්න බැරිවුන දරුවන් අද නැහැ. අද වෙනකොට මේ රටේ බෙහෙත් තියෙනවා. කිරිපිටි තියෙනවා. මේ හැමදේම ගෙනල්ලා දුන්නේ අපේ විගමණික ශ්‍රමිකයින්.

ඔවුන් තමයි මේ රටේ ජීවනාලිය. ඒත් මේ ජීවනාලිය මතක් වෙන්නේ හුස්ම ගන්න අමාරු වුනාම විතරයි. 2018 විතර වෙනකම් විදේශ ගත ශ්‍රමිකයින් ගැනවත් ඔවුන් එවපු සල්ලි ගැනවත් ලොකු අවධානයක් යොමු කලේ නැහැ

කොරෝනා වසංගතයක් එක්ක විදේශගත ශ්‍රමකියන්ට මුදල් එවන්න බැරිවුනා. ඒ කාලයේදී විදේශගත ශ්‍රමිකයින්ට ගුවන් යානයක් වෙන් කරගන්න තැන ඉදන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවුනා. ඔවුන්ව නිරෝදායන මධ්‍යස්ථාන වලට යොමුකරනකොට හොටල්කරුවන් යම් උදවියත් එක්ක එකතු වෙලා ගසා කෑවා.

විදේශගත ශ්‍රමිකයින්වට මිනිස් බෝම්බ කියලා හැදින්වුවා. මේ වගේ තත්ත්වයක ඉදන් තමයි අපිට හෝප් ගේට් ඇති කරලා ගරුත්වයක් දෙන්න කටයුතු කළේ. විදේශ ගත ශ්‍රමියින්ව රතු පලස් මතින් පිගැනීම කළයුත්තේ. අපි ජීවත් වෙන්නේ විදේශගත ශ්‍රමිකියින් සල්ලි එවපු නිසයි.

 

Previous articleකොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සිය සන්නාම ගත විශ්ව විද්‍යාලයක් ලෙස IIHS නම් කරයි
Next articleසිරිලක අසිරිය Nas Dailyගේ විඩියෝව නිකුත් ‌වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here