Home අද ජනවාරි විදුලි මිල සංශෝධනයක් කරනවා

ජනවාරි විදුලි මිල සංශෝධනයක් කරනවා

2800
0

නොවැම්බර් දෙසැම්බර් මාසවල බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා වර්ෂාව ලැබීම හේතුවෙන් ජනවාරි මාසයේදී විදුලිබිල සංශෝධනයට යොමුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(09දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විදුලිබිල අඩුකිරීම සම්බන්ධයෙන් යෝජනා ලබාගැනීමට මෙමස 12 දා පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඒසඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැමිණ යෝජනා ලබාදෙන ලෙසද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය.

එමෙන්ම නව විදුලිබල පනත හදිසියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට අදහස් නොකරන බවත් එය ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කිරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විදුලිබල පනත දීර්ඝ කාලයක් පැවැත්ම වෙනුවෙන් සකස්කන ලද්දක් බැවින් එහි අඩුපාඩු ඇත්නම් නිවැරදි කරගැනීමට අවශ්‍ය බවද එබැවින් පනත අභියෝගයට ලක්කිරීමට අදහස් කරන ඔනෑම කෙනෙකු උසාවි ගොස් එය අභියෝගයට ලක්කරනවානම් තමා ඒ සම්බන්ධයෙන් සතුටු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Previous articleසෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල පාඨමාලා අවසන් කළ සිසු සිසුවියන්ට සහතික පිරිනමයි
Next articleමිහින්තලේ හිමියන්ට සැක නිසා පුදබිමේ ආරක්ෂ අංශයේ 252 කු වහාම ඉවත් කිරීමට රජය තීරණය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here