Site icon Newshub

ජනවාරි විදුලි මිල සංශෝධනයක් කරනවා

නොවැම්බර් දෙසැම්බර් මාසවල බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා වර්ෂාව ලැබීම හේතුවෙන් ජනවාරි මාසයේදී විදුලිබිල සංශෝධනයට යොමුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(09දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විදුලිබිල අඩුකිරීම සම්බන්ධයෙන් යෝජනා ලබාගැනීමට මෙමස 12 දා පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඒසඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැමිණ යෝජනා ලබාදෙන ලෙසද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය.

එමෙන්ම නව විදුලිබල පනත හදිසියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට අදහස් නොකරන බවත් එය ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කිරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විදුලිබල පනත දීර්ඝ කාලයක් පැවැත්ම වෙනුවෙන් සකස්කන ලද්දක් බැවින් එහි අඩුපාඩු ඇත්නම් නිවැරදි කරගැනීමට අවශ්‍ය බවද එබැවින් පනත අභියෝගයට ලක්කිරීමට අදහස් කරන ඔනෑම කෙනෙකු උසාවි ගොස් එය අභියෝගයට ලක්කරනවානම් තමා ඒ සම්බන්ධයෙන් සතුටු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version