Home අද ලංකාව BRICS සංවිධානයට එක්වෙයි?

ලංකාව BRICS සංවිධානයට එක්වෙයි?

16823
0

ශ්‍රි ලංකාව බ්‍රික්ස් (BRICS) සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත් ඒවෙනුවෙන් සකස් කළ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට යොමුකරන බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශිර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේබව පැවසුයේ ඊයේ(08දා) පාර්ලිමේන්තුවේදීය.

මේවනවිට බ්‍රික්ස් (BRICS) සංවිධානය සීග්‍රයෙන් දියුණුවෙමින් පවතින බවත් ලෝක ආර්ථිකයෙන් විශාල ප්‍රමාණයක් ඉදිරියේදී මෙම සංවිධානය වටා එකතුවෙමින් සිටින බවන පිළිගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළි  මහතා අයවැය විවාදයට එකතුවෙමින් බ්‍රික්ස් (BRICS) සංවිධානයට එකතුවීමේ වැදගත්කම සහ ඒ සම්බන්ධයෙන් යෝජනාවක් ජනාධිපතිවරයාට යොමුකළ බවද එහි ප්‍රගතිය සම්බන්ධයෙන් විමසීමක් කළ අතර එයට පිළිතුරු ලබාදෙනමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.

ලෝක ජනගහනයෙන් 41% ක් ජීවත් වන්නේත්, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 24% ක් සේම ලෝක වෙළද කටයුතුවලින් 16%ක් ක්‍රියාත්මක වන්නේ BRICS සංවිධානයේ රටවල් සමඟය.

එමෙන්ම 2022 වසරේ මෙරට අපනයන වලින් 10.3% ක් සහ ආනයනයන්ගෙන් 47.3% ම සිදු කර ඇත්තේ බ්‍රික්ස් රටවල් වලින් බවද  BRICS රටවල් සමග කටයුතු කිරීම ලංකාවට ආර්ථිකමය ලෙස වැදගත් බවද ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ප්‍රකාශ කර තිබුණි.

BRICS සංවිධානයේ ප්‍රධාන රටවල් වන්නේ බ්‍රසීලය,රුසියාව ,ඉන්දියාව ,චීනය, දකුණු අප්‍රිකාව යන රටවල් ය.

Previous articleමන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට ජනාධිපති උපදේශක තනතුරක්
Next article“හිමාලයා ප්‍රකාශනය” ජනපතිට පිළිගන්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here