Home අද පොලිස් ජල පහරෙන් අභිෂේක වූ NPP නව නායකත්වය හරිනි අමරසූරිය?

පොලිස් ජල පහරෙන් අභිෂේක වූ NPP නව නායකත්වය හරිනි අමරසූරිය?

2912
0

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙහිදී මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිණි අමරසූරිය මහත්මියද ජල පහරට ලක්ව තිබෙනවා.

මින් පෙර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පැවැත්වූ විරෝධතාවයකදී ද මෙවැනිම ආකාරයේ ජල පහරක් එම විරෝධතාවයට එල්ල වූ අතර එහිදී එම ස්ථානයේ රැඳී නොසිට ඉවත්වෙමින් සිටි අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂකයින් හා පොලීසිය මැදහත්ව ඒ මහතාව කඩයක් ඇතුලට දමා වසා දැමීමට කටයුතු කර ඔහුව ආරක්ෂා කරගැනීමට කටයුතු කළත් මන්ත්‍රිනී හරිනි අමරසුරිය මහත්මියට එවැනි ආකාරයේ ආරක්ෂාවක් නොලැබුන අතර ජල පහර එල්ල වන අවස්ථාවේදී පක්ෂ සාමාජිකාවන් සමඟ ඇය එම ස්ථානයේදීම රැඳී සිටීමට කටයුතු කරනු ලැබුවා.

එම ස්ථානයේ රැඳී සිටි කාන්තා සංවිධානයේ සාමාජිකාවන් කිහිපදෙනෙකු පමණක් ඇය වටා ඒකරාශී වී තිබුන බව පෙනෙන්නට තිබුණි.

වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබාර ගැනීමෙන් අනතුරුව විරෝධතාවයකට එල්ල වූ මුල්ම ජල ප්‍රහාරයද මෙය වනවා.

කෙසේ වෙතත් ජල පහරට ලක්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තුව ඇමතීමටද කටයුතු කරනු ලැබුවා.

Previous articleඅනුර කැබ් එකෙන් බැස බස් එකට නගී – ජනපති වූ විගස ගමන් බිමන් පොදු ප්‍රවාහනයෙන්
Next articleසයිටම් ඉක්මණින්ම පටන් ගන්න – එස් බී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here