ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට අදාළව 44% ක තීරුබදු ඉහල දැමීමත් සමඟ ඒ පිළිබඳව සෘජු සාකච්ජාවක් පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර අමාත්‍ය සුනිල් වටගල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර ඇතුළු දූත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමේ සූදානමක් පිළිබඳව පළවන සමාජ මාධ්‍ය ප්‍රචාරය සාවද්‍ය බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඇමරිකාවේ මෙම තීරුබදු ඉහල නැංවීමේ තීන්දුව සම්බන්ධව අධ්‍යයනය කිරීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන , ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ ඇතුලු කමිටුවක් ජනාධිපති අනුර දිසානයක විසින් පත්කර තිබේ.
ඒ හැර වෙනත් කිසිඳු කණ්ඩායමක් හෝ කමිටුවක් මෙම කටයුත්ත සඳහා නිල වශයෙන් පත්කර නොමැති බවද එම ආරංචි මාර්ග සහතික කර කියා සිටියේය.
එසේම එවැනි නිල දූත කණ්ඩායමක් නම් කිරීමේදී කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සුනිල් හඳුන්නෙත්ති නම් කිරීමට ඉඩක් ඇති නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර නම් කිරීමක් කොහෙත්ම සිදුවීමට ඉඩක් නොමැති බවද එම දේශපාලන ආරංචි මාර්ගය සඳහන් කළේය .
එබැවින් මෙම දුෂ්කර අවස්ථාවේ, කොරෝනා සමයේ මෙන් සියලු දෙනා රටක් ලෙස එකාවන්ව සීරුවෙන් පෙළගැසීමක් මිස සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හෝ ආණ්ඩුව දුෂ්කරතාවට පත්කිරීමක් කොහෙත්ම අපේක්ෂා නොකරන බවද එම දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.