දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව ඉදිරිපත් කළ දෝශාභියෝගය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඒකමතිකව තහවුරු කර ඇත.
දකුණු කොරියානු පාර්ලිමේන්තුව විසින් අනුමත කළ දෝශාභියෝගය එරට ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින්ද තහවුරු කළ යුතු අතර විනිසුරු වරුන් 08 දෙනාම එම දෝශාභියෝගය අනුමත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව දකුණු කොරියානු ජනාධිපතිවරයාට ධූරයෙන් ඉවත් වීමට සිදුවන අතර ඔහු දින හැටක කාලය තුළ ඉවත්වීමෙන් පසු එරට අගමැතිවරයා වැඩ බලන ජනාධිපති ලෙස පත්වෙයි.