Home අද ජනපති සහ ප්‍රංශ ජනපති ද්විපාර්ශ්වික සාකච්ඡාවල

ජනපති සහ ප්‍රංශ ජනපති ද්විපාර්ශ්වික සාකච්ඡාවල

1720
0

COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා (Emmanuel Macron) අතර ද්විපාර්ශ්වික සාකච්ඡා  පැවැත්විණි.

දෙරට අතර සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ හරිත ආර්ථික පරිවර්තනය පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) සමග ප්‍රංශයේ සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි ද නායකයන් සාකච්ඡා කළහ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා දැනුවත් කළ අතර එම කටයුතු සමඟ එක්වන ලෙසද ප්‍රංශ ජනාධිපතිවරයා වෙත ආරාධනා කළේය.

 

Previous articleශ්‍රී ලංකා – බ්‍රසීල ජනපතිවරු හමු වෙති
Next article“දේශගුණික යුක්ති සංසදයක්” – ජනපතිගේ යෝජනාවට UN සහාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here