Home අද ශ්‍රී ලංකාවේ විශාලම ආයෝජනය අනුමතයි. හම්බන්තොටට ඩො.බි. 4.5ක නව තෙල් පිරිපහදුවක්

ශ්‍රී ලංකාවේ විශාලම ආයෝජනය අනුමතයි. හම්බන්තොටට ඩො.බි. 4.5ක නව තෙල් පිරිපහදුවක්

1706
0

චීනයේ සිනොපෙක් සමාගම ඩොලර් බිලියන 4.5ක වටිනාකමකින් යුතු ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සඳහා යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය අද (27) අනුමත කර තිබෙනවා.

පසුගිය වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් අනතුරුව මෙරටට ලැබුන විශාලතම තනි ආයෝජනය මෙය වන අතර හම්බන්තොට ප්‍රදේශයේ පිරිපහදුව ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර ව්‍යාපෘති විස්තර අවසන් කර රජය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා..

මේ සම්බන්ධයෙන් සිය X ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍ය කංචන විජේසේකර
“චීනයේ චයිනා පෙට්‍රෝලියම් ඇන්ඩ් කෙමිකල් කෝපරේෂන් (සිනොපෙක්) වෙත කොන්ත්‍රාත්තුව ලබා දීමට අද කැබිනට් අනුමැතිය ලබා දී ඇත,” යනුවෙන් සටහනක් තබා තිබෙනවා.

චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන අතර එරට සමාගම් ශ්‍රී ලංකාව තුළ අධිවේගී මාර්ග, මුහුදු සහ ගුවන් තොටුපළවල් සහ වෙනත් යටිතල පහසුකම් ව්‍යාපෘති ඉදිකිරීමට දායක වී තිබෙනවා.

Sinopec සමාගම ධාරිතාව අනුව ලොව ඉහළම පිරිපහදු කරන්නා සහ විශාලතම ඛනිජ රසායනික නිෂ්පාදකයන්ගෙන් එක් සමාගමක් වන අතර චීනයේ දේශසීමාවෙන් ඔබ්බට එය ව්‍යාප්ත කිරීමේ දිගු උත්සාහයක ඉදිරි ගමනක් සනිටුහන් කරමින් මෙම ආයෝජනය කර ඇත. මේ වනවිටත් Sinopec සමාගමට සෞදි අරාබියේ ඉන්ධන පිරිපහදු සහ රුසියාවේ ඛනිජ රසායන නිෂ්පාදන සමාගමක් ඇත.

ඉරානය විසින් ශ්‍රී ලංකාවේ දැනට ඇති එකම පිරිපහදුව 1969 දී සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකර ඇති අතර එමඟින් දිනකට තෙල් බැරල් 38,000ක් සකස් කළ හැකිය.

Previous articleරොෂාන් රණසිංහව අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරේ
Next articleඅද කැබිනට් එකේ මොකද වුනේ? සම්පූර්ණ විස්තරේ මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here