Home අද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නේ නෑ – මහින්ද

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නේ නෑ – මහින්ද

1710
0

රට බංකොලොත් වීමට තමන් ඇතුළු පිරිස වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව පිළිනොගන්නා බවත් ඒ සඳහා වග උත්තර බැඳීමට අවස්ථාව ලැබුණු විට වග උත්තර බඳින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මහනුවර දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ඒ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් මහනුවරට පැමිණ ඊයේ (15) රාත්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ ඔබගේ රජයේ වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රට බංකොලොත් වී ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති තීන්දුව පිළිගන්නේද යනුවෙනි.

එහිදී හිටපු ජනාධිපති වරයා අවධාරණය කර සිටියේ එම අධිකරණ තීන්දුව පිළි නොගන්නා බවට පැහැදිලිව ප්‍රකාශ කර සිටිය යුතුබවයි . ඒ සඳහා අවශ්‍ය කරුණු කීමට අවස්ථාව ලැබුන පසු උත්තර ලබා දෙන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

Previous articleප්‍රබලයින් දෙදෙනා හමුවේ – සාකච්ඡා පවත්වයි
Next articleරටක් වෙනස් කිරීම එක රැයකින් කරන්න බැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here