Home අද ප්‍රබලයින් දෙදෙනා හමුවේ – සාකච්ඡා පවත්වයි

ප්‍රබලයින් දෙදෙනා හමුවේ – සාකච්ඡා පවත්වයි

18827
0

ලොව ප්‍රබලම ආර්ථිකයන් හිමි රාජ්‍ය දෙකෙහි රාජ්‍ය නායකයින් වන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජිං පින් කැලි‍ෆෝනියාවේදී හමුවී තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා එම හමුවේදී පවසා ඇත්තේ, දෙරට අතර තරඟයක් ඇතත්, එය ගැටුමක් දක්වා වර්ධනය නොවන බවට සහතික විය යුතු බවය.

සුපිරි බලවතුන් ලෙස වගකීමෙන් සහ වගවීමේන් දෙරට අතර සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම ද මෙම හමුවේදී අමෙරිකානු ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ඊට ප්‍රතිචාර ලෙස චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ, අමෙරිකා – චීන සබඳතාව,, ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව බවය.

එම හමුවේදී ලෝක යුද ගැටුම්, ආර්ථික උච්ඡාවචනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන අර්බුද පිළිබඳව නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

එම පැතිකඩයන් සම්බන්ධයෙන් දෙරට අතර තිබූ මතගැටුම් ලිහිල් කිරීමට මෙම සාකච්ඡාව ඉවහල් වූ බව ලෝක දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇත.

 

Previous articleජනාධිපති ඉදිරිපත් කළ මෙවර අයවැය ඓතිහාසික, රැඩිකල් සහ විප්ලවීය අයවැයක්
Next articleශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නේ නෑ – මහින්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here