Home අද රාජපක්ෂ පවුල ආර්ථිකය ඝාතනය කළ බවට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නාමල් පිළිගනී

රාජපක්ෂ පවුල ආර්ථිකය ඝාතනය කළ බවට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නාමල් පිළිගනී

1729
0

කවදත් අධිකරණයට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මූලික අයිතිවාසිකම් වලදී සලකා බලනු ලබන්නේ ලිඛිත පෙත්සම් හා ලිඛිත සාක්ෂි පමණක් බවත් සාක්ෂි කැදවීමක් නොකරන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

වත්මන් ආර්ථික අර්බුදය දීර්ඝ වශයෙන් හා ගැඹුරින් සාකච්ඡා කරනවානම් සුදුසුම තැන වන්නේ පාර්ලිමේන්තුව බවත් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.
.
මූල්‍ය බලතල,නීති සම්පාදනය, නීති පැනවීම, නීති ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව බවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් ආර්ථික අර්බුදය ගැන ගැඹුරින් සොයා බැලිය හැකි බවත් ඔහු පැවැසීය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් සෑම ක්ශේත්‍රයක්ම ආවරණය වන පරිදි සාක්ෂි කැදවීමක් සිදු කිරීමට හැකිබවද ඔහු පැවැසිය.

දැනටමත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ආර්ථික අර්බුදය පිලිබදව සොයා බැලීමට පත්කර ඇති බවත් එමගින් වඩාත් පුළුල් පරාසයක සිට සාක්ෂි කැදවීමට හා හරස් ප්‍රශ්න ඇසීමට හැකිබවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසයි.

Previous articleජනාධිපති රනිල් රටේ ආර්ථිකය මරණයෙන් බේරගත්තා
Next articleදිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනපතිගෙන් තවත් වගකීමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here