Home අද ඩයනාට පහරදීමේ සිදුවීම නිසා පාර්ලිමේන්තුවේ වැඩ නවතී

ඩයනාට පහරදීමේ සිදුවීම නිසා පාර්ලිමේන්තුවේ වැඩ නවතී

3265
0

(UPDATE) ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට පහරදුන්නේ යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් සොයාබැලීමට නියෝජ්‍ය කතානායකවරයාගෙ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කළ බව කතානායක මහින්ද යපා මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

මෙම කමිටුව සඳහා චමල් රාජපක්ෂ , රමේෂ් පතිරණ , ගයන්ත කරුණාතිලක , ඉමිතියාස් බාකීර්මාකර් යන් මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ බවද ඉතා කඩිනමින් තින්දුවක් ලබාදෙන ලෙසද කතානායකවරයා දැන්වීය.

(UPDATE) ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට පහරදීමක් සිදුවු බව කියන සිදුවීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ මැදිහත්වීමෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී පැවසුයේ රාජ්‍ය අමාත්‍යවරිය චෝදනා කරන ආකාරයේ සිදුවීමක් සිදු නොවු බවයි.

ඩයනාගමගේ රාජ්‍ය අමාත්‍යවරිය චෝදනා කළ  රෝහණ බණ්ඩාර සහ සුජිත් පෙරේරා මන්ත්‍රිවරුන්ද මෙම චෝදනාව ප්‍රතික්ශේප කළ අතර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය

=====================================

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා විසින් පහරදීමක් සිදුකළ බව ඩයනා ගමගේ මහත්මිය විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

ඒහරහා තමන්ගේ මන්ත්‍රි වරප්‍රාසාද දැඩි ලෙස උල්ඝනය වි ඇති බවත් මෙලෙස කාන්තාවන්ට අපහාස කිරිමට ඉඩදිය නොහැකි බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

පාර්ලිමේන්තුවේ පුස්තකාලය අසලදී මන්ත්‍රීවරයා පහරදුන් බවත් අසභ්‍ය වචන ප්‍රකාශ කළ බවද  ඩයනා රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළ අතර පාර්ලිමේන්තුවෙන් පරීක්ෂණයක්ද ඉල්ලා සිටියාය.

මෙම සිදුවීම සම්බන්දයෙන් වහාම සොයාබැලීමක් සිදුකිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් පාර්ලිමේන්තුව කල්තබා මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටි අතර මෙය කිසිදිනෙක සිදුනොවු බරපතල තත්වයක් බවද ගුණවර්ධන මහතා කීවේය.

ඒ අනුව පාර්ලිමේන්තුව විනාඩි 10 ට කල්තැබිණි.

May be an image of 1 person and smiling

Previous articleබොරතෙල් බැරලයක් ඩොලර් 100 ඉක්මවයි?
Next articleරාජ්‍ය ඇමති ඩයනා රෝහල් ගතකරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here